පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු රාජාංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(09) රාත්‍රී කාලයේදී රාජාංගනය යාය 10 ප්‍රදේශයේදී රාජාංගනය පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40, 45 සහ 48 යන වයස්වල පසුවන රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුන් පිරිසකි.
රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.