පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් කන්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ගලේවෙල, 02 කණුව ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වැටලීමේදී අනවසරයෙන් පුරා වස්තු හෝ වටිනා ඛනිජ සම්පත් සෙවීමේ අරමුණින් කැනිම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ කැනීම් උපකරණ සමග එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගලේවෙල පොලිසියට භාරදී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන හෝමාගම සහ පල්ලේපොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.