සැකසහිත ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.
පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් ඊයේ එලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ .
පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුව මළසිරුර සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇති කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී තිබෙනවා.