වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් තුන්දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤඤවීදිය ප්‍රදේශයේදීයි.
පසුගිය 29 වනදා පානදුර හිරණ ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සැකකරුවන්ට ගිණිඅවියක් හා වෑන් රථයක් මොවුන් ලබා දී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
මෙම සැකකරුවන් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයන් බවයි වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසන්නේ.
මේ අතර පසුගිය තුන්වනදා මීටියාගොඩ ප්‍රදේශයේදී ද්විපුද්ගල ඝාතනයට අදාළ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයේදීයි.
වෙඩි තබා අදාළ මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට පෙර දින සහ ඝාතනයෙන් පසුදින මොහු නවාතැන් පහසුකම් ලබාදී ඇති බවයි පොලීසිය පවසන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය වැටලීම සිදුකර තිබෙනවා.