සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහයක් මොනරාගල හුලංදාව ප්‍රදේශයේදී මොනරාගල පොලිසියට හමුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(03) පස්වරුවේ මොනරාගල හුලංදාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය පෙරළීමෙන් ඇද වැටී තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත මෙනරාගල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වයස අවුරුදු 55ක් පමණ වූ හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මොනරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම මරණය රිය අනතුරක්ද නැතහොත් වෙනත් හේතුවකින් සිදු වූ මරණයක්ද යන්න සම්බන්ධයෙන් මොනරාගල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












