ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
එමෙන්ම ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
මේ අතර අදහස් ප්රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කළා.