අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කර තිබෙනවා.
අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බවයි සඳහන් වන්නේ .
එමෙන්ම www.wbb.gov.lk යන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේ ද එම නාමලේඛනය පළ කර තිබෙනවා .
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි. .
අභියාචනා ගොනු කිරීමට පෙර සියලුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක් රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබාදුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතු බවද එම නිවේදනයේ සදහන්.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














