නිවසක ස්වයංක්‍රීය ගේට්වකට හසුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බේරුවල පොලිසිය කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇති ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවීමෙන් අද(16) උදෑසන මේ අනතුර සිදුව ඇති බවයි.
එසේම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ වසර ගණනාවක් තිස්සේ එම නිවසේ සේවය කරන අයෙකු බවයි.
බේරුවල මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නමැති 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවිමෙන් බවටයි අනාවරණ වන්නේ.