ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ දුම්රිය පීළි පැන අසල පිහිටි තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මිය ගිය මඟීන්ගේ සංඛ්‍යාව මේ වන තෙක් තක්සේරු කර නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ඊසානදිග ස්පාඤ්ඤයට බලපෑ දැඩි හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බලධාරින් පවසන්නේ.
දුම්රිය තුළ සිරවූ මගීන් බේරා ඉන් ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගෙන තිබෙනවා.
මීට දින දෙකකට පෙර දකුණු ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගියා.











