ස්පාඤ්ඤයේ – බාසිලෝනාහි 160,000 කට අධික පිරිසකට ගෘහස්ථව රැදී සිටින ලෙස එරට බලධාරීන් දැනුම්දී තිබෙන බවට වාර්තා වනවා.
ඒ, ප්‍රදේශයේ කාර්මික ගබඩාවක ඇති වූ ගින්නක් සමග ප්‍රදේශය පුරා විෂ සහිත වායු තත්ත්වය පැවතීම හේතුවෙන්.
ඒ අනුව අවදානම් ප්‍රදේශවල නිවෙස්වල දොර සහ ජනෙල් වසා තබා ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.