ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද නවතම සිනමා නිර්මාණය වන “සහෝ” සිනමා කෘතියේ තේමා ගීතය එළි දක්වා තිබෙනවා.
එමෙන්ම “සහෝ” සිනමා කෘතිය මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කු`ඵදුල් සිනමා අධ්‍යක්ෂණය වනවා.
එහි ගීත එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරි සංකීර්ණයේ දී සිදු කෙරුණා.
මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් මෙම චිත්‍රපටයේ ගීත රචනා කර ඇති අතර එහි සංගීතය තරුපති මුණසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා. ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේකා නිර්මාණි “සහෝ” චිත්‍රපටයේ ගීත ගායනය සදහා එක්ව සිටිනවා.