වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අගෝස්තු මස 07 වන දින බොරැල්ල, සහස්පුර සිරිසරඋයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණවූ තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ(12) දහවල් කාලයේදී එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 710ක් හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වූ අම්පාර දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරී කර 2015 වර්ෂයේදී යුද හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතිබ වයි පොලිසිය පවසන්නේ.
දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.