සහල් හිඟය ගැන ඩඩ්ලි පිළිතුරු දෙයි.
දැනට රට තුළ පවතින සහල් හිඟය තව සතියකින් පමණ සම්පූර්ණයෙන් මඟහැරෙනු ඇති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
කලගෙඩිහේන ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, සහල් මිල අඩු කිරීමට තමන්ගේ අකමැත්තක් නොමැති බවයි.
මේ අතර, රජය මහකන්නයේ වී සඳහා ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් නොවන බව පවසමින් බොහෝ ගොවීන් තවමත් සිය අස්වනු පෞද්ගලික වෙළෙඳුන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.
මෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම රජය විසින් ආරම්භ කර මේ වනවිට දින 20ක් පමණ ගතව ඇතත් රජයට වී ලබා දීමට ගොවීන් මැලිකමක් දක්වනවා.
ඒ රජය ප්‍රකාශයට පත්කළ සහතික මිල ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.