කිරී සම්බා සහල් වැඩි මිලට විකිණීම සහ ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කර තිබු වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මාතලේ නාලන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට එරෙහිවයි මෙලෙස නීතිමය පියවර ගෙන තිබෙන්නේ.
එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
අදාළ වෙළෙඳසැලට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවේදී වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා වෙත රුපියල් එක්ලක්ෂ 10,000ක දඩ මුදලක් පැනවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ. .













