වෙළෙඳ පොළේ 3%ක පමණ සහල් හිඟයක් මතුව ඇති බවත් ඊට පිළියමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
මේ වන විට ගොවියා සතුව වී නොමැතිවීම හේතුවෙන් සහල් ආනයනය කිරීම තුළින් ගොවියාට බලපෑමක් එල්ල නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
කිරී සම්බා පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවද ඔහු කියා සිටියා.
එහෙත් ඒ හේතුවෙන් ගොවියාට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත් ගොවියාගේ වීවලට අදාළ මිල ඒ අයුරින්ම ලබාදෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
පිටරටින් සහල් ආනයනය කිරීම නතර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් එම ඉලක්කයට අනිවාර්යයෙන්ම ගමන් කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කියා සිටියා.
නාඩු සහ සම්බා සහල්වල කිසිදු හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියා.













