ආපදා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගී වූ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනුයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.
ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදා සහන බෙදාහැරීමේ වැඩසටහනක දී අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන්.
එහිදී ජනතාවට විරෝධතාව පළ කරන අවස්ථාවේ මෙම සැකකරු රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති බවයි කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර ආපදා සහනාධාර වංචා කළ බවට චෝදනා කරමින් මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා සිදුකළ උද්ඝෝෂණය පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතාගේ මැදිහත්වීමෙන් පසු නතර කෙරුණා.
ආපදාවෙන් පීඩාවට පත්ව සිටින ඉරුදයපුරම් ප්‍රදේශයේ ජනතාව මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා උද්ඝෝෂනයක් සිදුකළා.
ඒ ග්‍රාම නිලධාරිනිය අවිධිමත් ලෙස සහන ලබාදෙන බවට චෝදනා කරමින්.













