සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසනවා .
එසේම එමගින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකි වෙතැයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා .
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බවද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් .