මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැන්වීමක් සිදු කර තිබෙනවා.
වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි මුදල් නෝට්ටු භාවිතයෙන් විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීමත්, ඊට සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වයත් සැලකිල්ලට ගනිමින් බව සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පිළිබඳ සම්මතයන් ඉක්මවා යන්නන් හට දැඩි දඬුවම් හිමිවන බව එම දැන්වීමෙන් දැඩිව අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින්,






 


 






 
								