සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
92 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
1931 දී දකුණු පලාතේ උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා තිබෙනවා.
ඒ මහතා වසර හැට තුනකටත් වැඩි කාලයක් විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරයක් යව සර්වෝදය මෙරට තුළ පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගෙන යනු ලැබුවා.
ආචාර්ය ආරියරත්න මහතා ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනා ගැනීමටයි සමත් වුණේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














