සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
92 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
1931 දී දකුණු පලාතේ උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා තිබෙනවා.
ඒ මහතා වසර හැට තුනකටත් වැඩි කාලයක් විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරයක් යව සර්වෝදය මෙරට තුළ පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගෙන යනු ලැබුවා.
ආචාර්ය ආරියරත්න මහතා ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනා ගැනීමටයි සමත් වුණේ.
උණුසුම් පුවත්
- බැටරියක් ජිවිත 22 ක් අහිමි කරයි
- තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
- බදුල්ලේ ස්ථාන හතක පරීක්ෂාවක්
- මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ බවට සැකපිට තිදෙනෙක් අල්ලයි
- උතුරු මැද සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි












