යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකට සම්බන්ධවු සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නවක සිසුන් පිරිසක් අතර වු ගැටමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මත සිසුන් සිව් දෙනෙකු වෙත නැවත දැනුම්දෙන තුරු පන්ති තහනම් කර ඇති බවයි.
පසුගිය 21 වැනිදා තිරුනෙල්වේලි පිහිටි යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබුණා.
පන්ති තහනමට ලක්ව ඇත්තේ සිව්වන වසර සිසුන් තිදෙනෙකු හා පළමු වසර සිසුවෙක්.
පාලක සභාව පැවසූවේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට නියමිත බවයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














