සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා.
ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි.
මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක් දක්වා වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට විරෝධතා සදහා 140,000 කට අධික විරෝධතාකරුවන් පිරිසක්ද සහභාගී වී සිටිනවා.
මේ වන විට විරෝධාකරුවන් සහ එරට පොලීසිය අතර උණුසුම් ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවද විදෙස් මාද්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
විරේධතා අතර තුර මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට විරෝධතා හේතුවෙන් සයිබීරියාවේ සියලුම විශ්ව විද්‍යාල වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
විරේධතාකරුවන් සදහන් කරන්නේ සයිබීරියාවේ ජනාධිපති සහ ඔහුගේ සගයන් සංවිධානාත්මක අපරාධ, දූෂණය සිදු කරන බවත් සහ මාධ්‍ය නිදහස සීමා කරමින් කටයුතු කරන බවයි.