අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ පෝෂණ වැඩසටහන සඳහා ආහාර ලබා දෙන සමෘද්ධි ලාභින් ඇතුළු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.
කලාප අධ්‍යාපන කාර්යාලය හරහා එම ගෙවීම් සිදු කරන අතර ආහාර සැපයුම්කරුවන් ප්‍රකාශ කර සිටියේ කලාප අධ්‍යාපන බලධාරින්ගෙන් විමසීමේදී මේ දක්වා ඔවුන් වෙත ඊට අදාළ මුදල් ලැබී නොමැති බවට දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.
මෙම වැඩසටහනට සඳහා ආහාර සැපයීමට සමෘද්ධි ආධාර ලබන පවුල්වලට අවස්ථාව සලසා දෙනු ලැබුවේ ඔවුන්ට ඒ හරහා යම් ආදායමක් ලබා ගැනීමට හැකි වන ලෙසයි.