පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ .
මේ හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි වාර්තා වන්නේ.