ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා හමු වී තිබෙනවා.
වන බවයි ඇන්ඩාෘ මහතා මෙහිදී අවධාරණය කළේ.
2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ඉදිරි නිල සංචාරය පිළිබඳව ද ඔහු අග්‍රාමාත්‍යවරියට මෙහිදී දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලන සංහිඳියා ක්‍රියාවලියක් සකස් කිරීමේ අවශ්‍යතාව අගමැතිවරිය මෙහිදී අවධාරණය කළා.
ගාසා තීරයේ දිනෙන් දින අයහපත් වන මානුෂීය තත්ත්වය පිළිබඳව අගමැතිවරිය කනස්සල්ල පළ කළ අතර, පලස්තීන ජනතාව සමඟ වැඩි ජාත්‍යන්තර සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.