සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් 11 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ වැටලීම් දෙකක් සිදු කර සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ඇති බවයි.
එහිදී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ ගණිකා සේවයේ යෙදී සිටීමට රැඳී සිටි කාන්තාවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන පිළියන්දල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ක් සහ 32ක් වන දික්ඔය සහ දෙනියාය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකාරියන් වයස අවුරුදු 30ත් 45ත් අතර වයස්වල පසුවන පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකාරියන් කුණ්ඩසාලේ, බෝගල්ආර, මොරපිටිය, නෑබඩ, දෙනියාය, මහියංගනය, අනුරාධපුරය, බෝගහවැව, ජාඇල, පුත්තලම, රාජගිරිය සහ කටියාව යන ප්‍රදේශවල පදිංචිකාරියන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.