සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(25) සවස පෑලියගොඩ, තොරණ හන්දිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී ගණිකා නිවාසයක් කළමනාකරණය කළ හා ගණිකා සේවය සඳහා රැඳී සිටි සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකාරියන් වයස අවුරුදු 21, 36 සහ 47 යන වයස්වල පසුවන වත්තල, ගස්ඇල්ල හා බගවන්තලාව ප්‍රදේශවල පදිංචිකාරියන් බවද පොලිසිය පවසනවා.
පෑලියගොඩ පොලිසිය වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.













