සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(13) රාත්‍රී කාලයේ ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ඊට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන අයෙක් බවත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන වේයන්ගොඩ, ගම්පහ සහ මඩොල්සිම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කියා සිටියා.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












