සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයින වෙත ඊයේ රාත්‍රියේ පැමිණ තිබෙනවා.
එම දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබුවා.
මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මෙනවිය සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එහිදී ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.
එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ටේ්‍රලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයකිද නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට













