බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ(20) පස්වරුවේ ඇති වූ ගින්නෙන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් ෆොට්රොසෝ වතු යායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ තේ වත්තට ඉහළින් වූ සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ(20) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණා.
රක්ෂිතයට දර කැඩීමට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
රක්ෂිතය තුළ පැතිර යමින් තිබූ ගින්න ෆෙට්රොසෝ වතු යායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ වතු කම්කරුවන් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
මේ අතර, ඊයේ (20) දහවල් බගවන්තලාව ප්‍රදේශයට ඉර මුදුන් වීම නිසා දිවා කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් පැවති බවයි බගවන්තලාව ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.