සමගි ජන බලවේගය 21 වැනිදා පොදු විපක්ෂයේ කණ්ඩායමක් වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සංවිධානය කර ඇති නුගේගොඩ රැලියට සහභාගි නොවන බවත් නමුත් මෙරට ආරම්භ වන ප්‍රථම ආණ්ඩු විරෝධී විරෝධතා රැලියට සිය පක්ෂයේ විරෝධතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහණ බණ්ඩාර මහතා පවසනවා.
එයට සහයෝගය දෙන්න පුලුවන් හැමෝටම එය ලබාදෙන්න කියන කාරණාවද හැමෝටම පවසා ඇති බවත් එම රැලියට සමගි ජන බලවේගය ආශිර්වාද කරන බවත් ඒ මහතා සඳහන් කරනවා.
මැදවච්චිය නගරයේදී අද(16) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ සිරිපාදය නගින්න කොයි පැත්තින් ගොඩ වුණත් අවසානයේදී නල්ලතන්නියෙන් හමුවෙනවා වාගේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සමග විරසකව, විරුද්ධ කඳවුරු ලෙස දේශපාලනය කළත් ජනතාව අපෙන් ඉල්ලනවා නම් නල්ලතන්නියේදී එකතු වෙන්න සූදානම් බවයි.
ඉදිරියෙදී ඒ අය එක් අතකින් ආණ්ඩු විරෝධතාවය පවත්වාගෙන එන විට ඒ විරෝධතාව සත්‍යනම්, ජනතාවට අවශ්‍යනම් සමගි ජන බලවේගය ලෙස තවත් පැත්තකින් විරෝධතා රැලි පැවැත්වීමට ද සුදානම් බව එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියා.











