සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේදී තරුණයන්ට අවස්ථාව ලබාදීමට මෙවර කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(16) රැස්වූ අවස්ථාවේදී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් රැසක් පත් කරගෙන තිබෙනවා.
මෙම පිරිස සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීමේ ලිපි අද(16) පෙරවැවේ විපක්ෂ නායක කාර්යාලයේදී ලබාගෙන තිබෙනවා.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.













