සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා..
මේ සම්බන්ධව පසුගිය 29 වැනි දින සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව පසු ගියදා සමනලවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.