සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් මුල්කරගෙන එම සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 6 දෙනා ද මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නවක වද සිද්ධියට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ 3 වන වසර ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ දී ද තවත් සිසුන් 4 දෙනෙකු සමනලවැව පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.