සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා කටයුතු සිදු කෙරෙනු ඇති.
නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සදහන් කළේ.