සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය හේතුවෙන් ඇති වූ සිත් තැවුලකින් සිසුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම සරසවියේම සිසුන් දස දෙනෙකු ජුනි මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි විනිසුරුවරිය ඉදිරියේ අද(29) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබෙනවා.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේද තවත් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
චරිත් දිල්ශාන් නමැති සිසුවෙක් මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ පසුගිය අප්‍රේල් මස 29 වනදායි.
සබරගමුව විශ්වවිද්‍යාලය තුළ වූ නවක සිද්ධියක් හේතුවෙන් ඇති වූ මානසික පීඩනය මත එය සිදු කරගෙන ඇති බවටයි චෝදනා එල්ල වූයේ.