සපුගස්කන්ද තෙල් පිරිපහදුව අනිද්දා දිනයේ නැවත ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා ඛනිජ තෙල් එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ආනයනික බොරතෙල් නොමැතිවීම හමුවේ එහි කටයුතු දින ගනනාවක් ක්‍රියාත්මක කෙරුනේ නැහැ.
මර්බන් නැමැති ආනයනික බොරතෙල් මෙට්ට්‍රක් ටොන් 90,000 ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇති අතර එයට අවශ්‍ය ගෙවීම් කටයුතු නිමා කර, මේ වන විටත් සපුගස්කන්ද පිරිපහදු ටැංකි සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමටයි ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇත්තේ.
තෙල් පිරිපහදුව දින ගනනාවක් වසා තිබුනද ඉංජිනේරු අධීක්ෂණය යටතේ නඩත්තු කටයුතු නිසි ලෙස පවත්වා ගෙන ගිය බව සංස්ථාව පවසනවා.
ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 1600ක් ද, පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 550ක් ද, භූමිතෙල් හා ගුවන් තෙල් මෙට්‍රික් ටොන් 950ක්ද, දැවි තෙල් මෙට්‍රික් ටොන් 1450 ක් හා නැප්නා මෙට්‍රික් ටොන් 450 ක් වශයෙන් දේශීය වෙළඳ පොළට දිනකට නිකුත් කළ හැකි බව සඳහන්.
සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව දේශීය ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 25ක්.