විදුලි සැර වැදීමෙන් රස්නායකපුර පුද්ගලයෙක් සහ කුච්චවේලි ප්‍රදේශයේ ළමයෙක් ජීවිතක්ෂය පත්ව තිබෙනවා.
රස්නායකපුර, තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ වන්නි රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මරණකරු විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













