සත්ව ජාවාරමේ යෙදුණු යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරින් හා රේගුවේ නිලධාරින් සිදුකල වටලිමකදියි මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තායිලන්තයේ සිට සතුන් 88දෙනෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස ඔවුන් දෙදෙනා මෙරටට රැගෙනවිත් තිබෙනවා.
අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල හා පුවක්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තාවන්නේ.