මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් බල රහිත කළ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාගයට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා. අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සශ්‍රී මහේන්ද්‍ර, අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.2007 වසරේ ජූනි මස 27 වැනිදා සහ 2008 වසරේ මැයි මස 29 වැනිදා අතර කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් රජයේ ටෙන්ඩර් පටිපාටියට පටහැනිව පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. එම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරනු ලැබුවා. ඒ අනුව එය පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ චෝදනාවලින් සජින් වාස් ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කර තිබුණේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














