සිය නිවස පිටුපස සූදූ පොලක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන ඉපලෝගම පුංචිකුලම පදිංචි අජන්ත බියගම නම් පුද්ගලයෙකි.
අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් 14 දෙනෙක් සූදූ කෙළිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
අත්අඩංගුවට ගැනුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස වැඩිදුර පරීක්‍ෂාවේදී නිවසේ අධිශීතකරණයක් තුළ තිබූ දඩමස් කිලෝ හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින්, ඉපලෝගම පොලීසිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවස වටලා තිබෙනවා.
එම නිවස වටා අඩි 10කට වැඩි තාප්පයක් මෙන්ම විශාල ගේට්ටුවක්ද ඉදිකරගෙන මන්ත්‍රීවරයා කලක පටන් මෙම සූදූ පොළ පවත්වාගෙන යමින් සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව පසුගිය 04 වැනිදා හදිසි වැටලීමක් සිදුකර ඇති අතර, ඒ අවස්ථාවේදී එම නිවස තුළ අදාල මන්ත්‍රීවරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන යමින් සිට තිබෙනවා.
එම නිවසේ සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රීවරයාද එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී නිවසේ අධිශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩමස් කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙන අතර එම මස් තොගය හා අධිශීතකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුව අදාල සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සැකකරුවන්ට දඩමුදල් නියම කර නිදහස් කර තිබෙනවා.
අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්, තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසා බලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.