සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ, රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සහ දඹුල්ල සංවිධායක හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වුණා.
ඊට අදාළ ලිපියද ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී තිබුණා.