හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සමගි ජන බලවේගයෙන් නව තනතුරක් හිමිව තිබෙනවා.
ඒ සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන සමස්ත ලංකා සමගි පෞද්ගලික අංශ සේවක සංගමයේ සභාපති ධුරයයි.
ඇයට ඊට අදාළ පත්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් පිළිගන්වනු ලැබුවා