කඩුගන්නාව නගර සභාවේ 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය අද(18) දින වැඩි ඡන්ද 2කින් පරාජයට පත්ව තිබෙනවා.
කඩුගන්නාව නගර සභාව සමගි ජන බලවේගය විසින් බලය තහවුරු කරගනු ලැබුවා.
අයවැයට පක්ෂව ඡන් පහක් පමණ ලැබී ඇති අතර අයවට විරුද්ධිව ඡන්ද හතක් ලැබී තිබෙනවා.
පාලන බලය හිමි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.
කඩුගන්නාව නගර සභාව සභිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක් සභිකයෙක්ද, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් හය දෙනෙක්ද පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එක් සභිකයෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එක් සභිකයෙක්ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් හතර දෙනෙක්ද, ස්වාධීන කණ්ඩායම් අංක 1 නියෝජනය කරමින් එක් සභිකයෙක් සහ ස්වාධීන කණ්ඩායම අංක 2 නියෝජනය කරමින් එක් සභිකයෙක්ද වශයෙන් සභිකයන් 15 දෙනෙකුගෙන් යුක්ත වනවා.













