තම පක්ෂය සමගි ජනබලවේගය සමග සන්ධාන ගත වි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානය පවසනවා.
හැටන් නගරයේ අද පවතී උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මැතිවරණයක් පැවැත්විමට මැතිවරණ කොමිසම සුදානම් වුවත් , රජය ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන බවයි.