පක්ෂයේ සිටින දුර්වල ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමට අවධානය යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පස්දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ
ලබන සතියේදී මෙම කමිටුව ප්‍රථම වරට රැස්වනු ඇති.
දුර්වල ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විධිමත්ව පරීක්‍ෂණ සිදුකර ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ඉන් අනතුරුව ඒ වෙනුවට නව සංවිධායකවරුන් පත්කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළා.
ඡන්දයකදී දුර්වල ආකාරයෙන් කටයුතු කිරීම, දුර්වල ආකාරයෙන් සංවිධාන කටයුතු කිරීම හා ඡන්ද අඩුවීමට බලපෑ කාරණා ඇතුලු කරුණු රැසක් පිළිබඳව මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.
මේ වන විටත් විශාල පිරිසක් නව ආසන සංවිධාකයින් වශයෙන් පක්ෂයට එකතුවීමට කැමැත්ත පළ කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් ගැන ද අවධානය යොමු කර ඇති බවයි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කලේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබෙනවා.