සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ, රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සහ දඹුල්ල සංවිධායක හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊයේ ඉල්ලා අස්වුණා.
පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණ ගෙන ඇති බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව බව ද වාර්තා වනවා.