
දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බවයි. අදාල සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය පහසුකම් නිරන්තර සපයන බවත් ඒ මහතා සඳහන් කළා.













