සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද මොහු ඊයේ පස්වරුවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මෙන්ම මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේ මොහු බවත්, මෙම වැලිගම සහන් නැමැත්තා කුලී ඝාතකයෙකු බවටත් තොරතුරු වාර්තා වනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.