රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සම්පුර්ණ කරන සියලු දෙනා ගුරු සේවයට එක් කර ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි .
ගුරු සේවයට එක් කර ගන්නා ලෙස ඉල්ලා මේ වනවිටත් ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා මෙම දැනුම්දීම සිදු කර තිබුනා.