
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා සිටි 18 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 125,562ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබෙනවා.














